මට 17යි. නංගිලා තුන්දෙනා එක්ක තනියම ගෙදර - සෑම දියණියක්ම ඇසිය යුතු ආදර්ශමත් කතාව

390,259
0
Published 2024-07-20
#ThushiniFernando #youngactress #fashionmodel #popularactress #TeleDrama #Actress #SriLankanActress #Artist #Love #TeleDrama #LifeStory #LoveStory #RanganaDeSilva #Cafe_R #CafeR

මට 17යි. නංගිලා තුන්දෙනා එක්ක තනියම ගෙදර - රෑට එළියේ කවුරුහරි යනකොට බොරුවට තාත්තේ කිය කිය කතාව.. - නංගිලා එක්ක shift එකට නිදාගන්නේ - සෑම දියණියක්ම ඇසිය යුතු ආදර්ශමත් කතාව | තුෂිණි ප්‍රනාන්දු | Thushini Fernando | Cafe R with DEARO

_
පසුගිය Cafe R with DEARO වැඩසටහන් මෙතැනින් බලන්න | Watch Previous Cafe R with DEARO Programs :    • Cafe R with DEARO  
_
Rangana De Silva YouTube Channel එක Subscribe කරන්න.
Subscribe My Social Media Channels.

Subscribe on YouTube: bit.ly/RanganaYT

Like on Facebook: bit.ly/RanganaFB

Follow on Instagram: bit.ly/RanganaIG

Follow on TikTok: bit.ly/RanganaTT

Follow on Twitter: bit.ly/RanganaTW

All Comments (21)
  • පසුගිය සතියේ CafeR with Dearo වැඩසටහන ඇසුරෙන් ඇසූ ප්‍රශ්නයට නිවැරදි පිලිතුරු ලබා දී Dearo වෙතින් වටිනා ත්‍යාගයක් ජයග්‍රහණය කරන්නේ දිනිති දිලාරා, ඔබයි. @dinithidilara908 අපෙන් ඔබට උණුසුම් සුබ පැතුම්.. ඔබව සම්බන්ධ කරගත හැකි තොරතුරු sasmi.bellose@gmail.com/ වෙත හැකි ඉක්මණින් එවන්න.
  • @JP-dm3nn
    ඉතාලියේ ජීවත් වෙන්නේ. Science කර කර නංගිලත් බලා ගත්තා කියන්නේ සුපිරි චරිතයක් තමා respect sister ❤❤
  • මේ අක්කි නිකන් ශිවන්‍යා වගේ පේන්නෙ මට විතරද..❤🥺
  • Sugar daddy ලාගේ පස්සේ යන රූමතියන්ගේ කතා වලට වඩා අපේ පංතියේ ඉඳන් ජීවිතය ජය ගත් ගන්න උත්සහ කරන කෙල්ලෙක් ගෙ කතා අහන එක වටිනවා.
  • යකෝ මෙන්න...මුන් නෙ නියම කෙල්ලො...හින්දි නිළියක් වගේ.....කෝමද ගැම්ම...කිසිම ලොකු කමක් නෑ.....පඩ ශෝ නෑ...සුපිරිම කෙල්ලෙක් ආයෙ❤❤❤❤❤❤❤❤
  • පොෂ් නැති මල විකාර නැති ලස්සන දිරිය දියනියක්.ඇඳුමත් හරිම වැදගත් .ලංකාවේ සියලු ම දියනියන්ට ආදර්ශ මත් දියනියක් .හොඳ අනාගතය කට සුබ පැතුම් නංගී ඔයාට.🙏
  • මගේ අම්මා රට යද්දි මට අවුරුදු දොළහයි අක්කට දාසයයි. අපි කුලී ගෙදරක හිටියේ. අම්ම රට ගියේ අම්මගේ මස්සිනාගෙන් අම්මට කරදර නිසා ,අම්ම රට ගියා කියලා දැන ගත්තම මස්සිනා ඇවිත් අපේ ගෙදර දොර කඩන්න හැදුවා,මායි අක්කයි ගෙදර පිටිපස්සේ bathroom එකේ පැය දෙකක් විතර හැංගිලා හිටියා. පොඩි බට්න් තියෙන ෆෝන් එකකින් හැමදාම අම්මට කෝල් කරනවා, ගොඩක් දවසට කෑවෙ නෑ මොකද අක්කයි මායි උයන්න දැනගෙන හිටියේ නෑ,පුළුවන් වෙලාවට කඩෙන් කෑවා සල්ලි එකතු කරලා, මං පුළුවන් පුළුවන් වෙලාවට ගෙදර තනියම ඉද්දි පොඩි පොඩි දේවල් හදන්ඩ ඉගෙනගත්තා ඒත් අක්කා කිසිම දෙයක්කරේ නෑ. ඒ කාලෙදිම තමයි අපේ ගෙදර පිටිපස්සෙ හිටපු පිරිමි ළමයෙක් මගෙන් යාළුවෙන්න ඇහුවේ , මං එතකොට කන්‍යාරාමයක ඉගෙන ගත්තේ , මගේ පන්තියේ හැමෝම වගේ යාළුවෙලා හිටියේ ඒත් මගේ හිත මට හැම වෙලේම කිව්වේ පරිස්සම් වෙන්න කියලා,මගෙන් යාළුවෙන්න අහලා මාසයක් විතර ගියාට පස්සේ මං ඉස්කෝලෙ ඇරලා ගෙදර ආවයින් පස්සේ මං දැක්කා පිටිපස්සෙ ගෙදර ලොකු මඟුල් ගෙදරක් තියෙනවා බලද්දි අර පිරිමි ළමයා අවුරුදු ගණක යාලු වෙලා හිටපු තීන්දු කරලා තිබ්බ ගෑනු ළමයාව කසාද බඳිනවා. මං එදානම් අනේ ජේසුනේ කියලා දෙවියන්ට ස්තූති කරා මාව ලොකු කරදරයකින් බේරගත්තට. හැබැයි වැඩි කාලයක් යන්න කලින් ඒ පිරිමි ළමයා මං ඉස්කෝලේ ඇරලා එද්දි යද්දි මගේ පස්සෙන් එන්න පටන් ගත්තා .ඉස්සර මගේ ගණන් ක්ලාස් එක ඇරෙන්නෙ හවස හය හමාරට ඒක ඉවර වෙලා බස් ටෑන්ඩ් එකට එනකන් අර ළමයා තවත් පිරිමි ළමයි ටිකක් එක්ක මගේ පස්සෙන් එනවා වැඩි කාලයක් යන්න අපේ කොන්වන්ට් එකට ඕක ආරංචි වුණා sistersලා මට හොඳටම බැන්නා, හැබැයි ඒ හැමදේම දිහා අද හැරිලා බලද්දි මටම හිතා ගන්න බෑ කොහොමද ඒ දේවල් එක්ක ජීවත් වුණේ ඒවා මැඩගෙන ඉස්සරහට ආවෙ කියලා, මං දැන් කැනඩාවේ ජීවත් වෙන්නේ, මගේ අක්කා ලංකාවේ තිබුණ හොඳම ඉස්කෝලෙකට ගියත් බොරු කාරයෙක්ට අහුවෙලා දැන් අනාථ වෙලා ඉන්නවා අම්මා ගාව, වෙලාවකට මට හිතෙනවා මං ඒ පවුලේ කෙනෙක්ද කියලා.මොකද එයාලා හිතන පතන විදිහ හරිම වෙනස් මගේ අම්ම උනත් හිතන්නේ හරිම අමුතු විදිහකට. මට තේරෙන්නේ නෑ අදටත් මං එයාලට මාසෙකට ලක්ෂ දෙකක් යවනවා ඒත් එයාලා කිසිම දෙයක් කරගන්නේ නෑ. මට දැන් අවුරුදු 25යි මේ නොවැම්බර් වලට 26 ලබනවා, අදටත් මම පිරිමි ළමයෙක් යාළුවෙන්න හදද්දි හරිම බයයි සැකයි, මං හිතන්නේ පොඩි කාලේ වෙච්චි අත්දැකීම් නිසා වෙන්න ඕනි,
  • ඇත්තෙන්ම වටිනා දරුවෙක් .හරිම ලස්සනයි ඇස් දෙක දත් පෙළ මුන හරිම පැහැදිලියි.උගත්,බුද්ධිමත් දරුවෙක්.වයසට ගිය කෙනෙක්ටත් හොඳ පාඩම් කියල දුන්නා.ස්තුතියි දරුවෝ ..ඔයාට බුදුසරණයි ❤️
  • හරිම ලස්සන ඉතාමත් දක්ෂ බුද්ධිමත් ආදර්ශමත් පින්වත් දරුවෙක්,, සහ විශේෂයෙන්ම මේ දරුව කතා කරන්නේ අවංකවම ඇය සහ සහෝදරියන් වෙනුවෙන් කල කැප කිරීමයි,, එය හරිම අව්‍යාජ Nihathamani අහිංසක උත්සාහයක ප්‍රතිඵලයක් සහ මේ දරුවා අපේ රටේ අනාගත දරුවනට දෙන්නේ ලොකු ආදර්ශයක්,, මෙවන් දරුවන් දෙමව්පියන්ට රටට දැයට ලොකු වාසනාවක්
  • @iyanthiperera
    තුෂිනි හරි ලස්සනයි. ඔයා මිස් ශ්රී ලංකා කන්ටෙස්ට් කරන්නකෝ. ඔයා ලෝක රෑ රැජින තරඟයකට ඉදිරිපත් කරන්න සුදුසු බවත්, ඉදිරිපත් වුනොත් දිනන බවත් මටනනං හොඳටම විශ්වාසයි. ඔයාට දෙවියන්ගේ ආශිර්වාදය හොඳින්ම ලැබෙන දරුවෙක්. ඔයා ඒ තරම්ම පවුලට යුතුකම් ඉටු කර තිබෙන හොඳ දරුවෙක්. ඔයාට ජීවිතේ කවරදාවත් වරදින්නේ නැහැ. ඔයාට ජයම වේවා!!!
  • @siyalla5109
    කාන්තාවකගේ ශක්තිය ඉස්මතු වන්නේ බොහෝ විට ඇය තනි උනහම සහ රැවටීමට ලක් උනහම...❤❤❤ දිරිය දියණියන්ට ජයවේවා ✌✌✌
  • Italy වල දී මට මුණ ගැහුණා. ඇත්තටම නිහතමානී සහ ආ ගමන ගැන අගෙයි❤එයා ඉන්නේ ඉතාලියේ..
  • හරිම ලස්සන ඉතාමත් දක්ෂ බුද්ධිමත් ආදර්ශමත් පින්වත් දරුවෙක්,, සහ විශේෂයෙන්ම මේ දරුව කතා කරන්නේ අවංකවම ඇය සහ සහෝදරියන් වෙනුවෙන් කල කැප කිරීමයි,, එය හරිම අව්‍යාජ Nihathamani අහිංසක උත්සාහයක ප්‍රතිඵලයක් සහ මේ දරුවා අපේ රටේ අනාගත දරුවනට දෙන්නේ ලොකු ආදර්ශයක්,,😊 මෙවන් දරුවන් දෙමව්පියන්ට රටට දැයට ලොකු වාසනාවක් ❤ සහ වටිනාම දේ තමන්ගේ රටේ වටිනාකම දන්නා ඔබ වැනි දරුවන් Eththatama වාසනාවන් ❤ මම හරිම ආසාවෙන් අහගෙන හිටියේ දුව ,, ,😊 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ashirvadaya ලැබේවා hemadamath ඔබලාට ❤
  • අනුන්ගේ හැලී අහන්න කැමතිම නැ.. ඒත් මේ කතාව මම ඇහුවා... මුල ඉඳන් අගටම.. ❤❤
  • මෙ කතාව ඇහුවාම ඇසට කදුලකුත් ආවා.අපිත් රට ආවෙ දරුවන් දාලා.එත් බලාගන්න කෙනෙක් හිටියා
  • අපිත් පුංචී කාලේ පාසැල් සමයේ නොවිදිනා දුක් වින්දා.අපිත් ඉතාම දුකසේ ජීවත් වුන අය.ඉගෙන ගන්න අපිට වියදම් කරන්න අම්මට මුදල් නැ.තාත්තා හරියට රැකියාවක් කලේත් නැ.කලත් ඒ ගන්න මුදලට බොනවා රණ්ඩු කරනවා.අම්මා උදේට කෑම හදන්න ගත්තා.මට අවුරූදු 10 මල්ලීට 8 අයියට 12 යිඅම්මා හදලා දෙන කෑම පාන්දර 5,30 ට අරගෙන යනවා ඉස්පිරිතාලේට.ඒවා විකුණලා තමයි අපී තුන්දෙනා ඉස්කෝලේ ගියේ. ඉතුරු වුන දවසට ඒවා තමයි දවල්ට රෑට අපී කෑවේ. පස්සේ අම්මා උඑ මෝලකට ගියා මැටී කන්දකට යට වෙලා අම්මා රෝගාතුර වුනා. ඔයිට වඩා දුකක් වින්දේ අපී.ඊට පස්සේ තවත් මල්ලියෙක් ඉපදුනා.මගේ පාසැල් ගමනත් ඉවරයි.මල්ලීට බෙහෙත් ගන්න වඩාගෙන යන්නෙත් මමයි. සමහර දොස්තරලා අහනවා මගේද කියලා. ඒ ලැජ්ජාවට මම මල්ලීට බෙහෙත් ගන්න යන්න අකමැතියි. තව ගොඩාක් දුක් විදපු සිද්ධීන් තීයෙනවා ලියන්න කියන්න දවසක් මදී.අපිත් හොද කට්ටක් කාලා තමයි අද මෙතන ඉන්නේ. වැටි වැටී නැගිට්ටා කාටවත් බාල්දු වුනේ නැ.ඔය ලමයා කිව්වා වගේ ගෙදර නැති අගහිගකම් අඩුපාඩු කාටවත් කියන්න ගියේ නැ.ලුණු නැත්නම් වීතරයි කන්න බැරි. එණු මිරිස් තුන පහ නැතුව නිකම් අපී උයලා තියෙනවා කාගෙන්වත් ඉල්ලන්න ගියේ නැ.ඵහෙම අයට ඉදිරියේදී වරදින්නේ නැ.කියන්න බෝහෝ දේ ඇත.අද අපි හොද තැනක ඇත.අන් අයත් කව්රුත් දෙනකන් ඵනකන් බලා ඉන්නේ නැතුව හිතට ශක්තිය,අරන් වැඩ කරන්න.ජය නියතයි මමත් නවතින්නම් දෙවි පිහිටයි.🙏🙏🙏
  • මම බලාගෙන හිටියෙ මෙයාගෙ ඇස් දෙක දිහා.එයාට අමුතු ඇස් දෙකක් තියෙන්නෙ.නපුරු චරිත රගපාන්ඩනං ගොඩාක් හොඳයි කියල හිතෙනව.නමුත් ඇය ලස්සනයි ,සුන්දරයි. ගෙදරක ඉන්න ලොකු අක්ක කියන්නෙ දෙවෙනි අම්ම.ලස්සන හිනාවක් එයාට තියෙන්නෙ.❤
  • නියමයි අක්කා අම්මාට දෙවෙනි වෙලා නෑ ලස්සනයි කරීනා කපූර් වගේ
  • කිසිම අම්මෙක් දරුවන් ගෙන් ඈත් නොවේවා!!! අපේ අම්මා රට ගිය නිසා අපිට අහිමි වුණ ඒ සෙනෙහස සහ විඳපු වේදනා කිසිම දරුවෙකුට නොවේවා!! අපි අද හොඳට ජීවත් වුණාට ඒ අත්දැකීම් හරිම ශෝචනීය යී.
  • හරිම දිරිය දියණියක්. ඒ වගේම ඇය කියූ විදිහට සකසුරුවමින් ජීවිතය ජයගත් දියණියක්. දුවේ ඔයා වගේ දියණියක් ලබන්න ඔබේ දෙමව්පියන්, ආදරණීය සහෝදරියක් ලබන්න ඔයාගේ නංගිලත් ලොකු පිනක් කරලා තියෙනවා. ඔයාගේ ඉදිරි අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඔයාටම ගැලපෙන හොඳ සැමියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි දුවේ ❤